පැටිස් හදමු.


  1. පාන් පිටි හලා ගෙන භාජනයකට දාගන්න දැන් මාගරින් , ලුණු, දෙහියුෂ , දාල පිටිටික අනාගන්න
(දෙහියුෂ දාන්නෙ පැටිස් එකේ මතුපිට බුබුළු එනඑක වලක්වන්න)
  • දැන් හොදටම කූල් වුනු වතුර අරගෙන ටික ටික දාලා තද ඩෝ එකක් හදාගන්න. මේ මිශ්‍රනයටම යන්නේ වතුර ස්වල්පයක් පමණයි.
  • මිශ්‍රණය ලෑල්ලක් මත තියලා රෝලින් පින් එකක ආධාරයෙන් තුනී කරගන්න ඉන්පසු නැවත දෙකට නවා තුනී කරන්න මේ ආකාරයෙන් වාර කීපයක් පමණ කරන්න
  • මෙහෙම කරාම තමයි පැටිස් එකේ ලේයරස් එන්නෙ
  • දැන් ඩෝ එක ගුලියක් වගේ හදල වහල තියල පිලින්ග් එක හදාගන්න , ඔයාල කැමති දෙයක්
  • දැන් ලෑල්ලක් උඩ තියල ඩෝ එක තුනී කරල රවුම් කපාගන්න
ඊට පස්සෙ පැටිස් අච්චුව උඩ කපාගත්ත රවුම තියලා පිලින්ග් එක දාලා තදකරගන්න අච්චුවක් නැතිනම් කපාගත්ත රවුම උඩට පිලින්ග් එක දාලා දෙකට නමල වටේට ගෑරුප්පුවකින් තදකරගන්න

Comments

Popular posts from this blog

පොත් බලමු

කොස්ගොඩ ගනේගොඩැල්ල රජමහා විහාරයේ විශේෂ අවස්තා